ඇඹිලිපිටියේදී පොලීසිය හා සිදුවූ බව කියන ගැටුමකින් පසු මියගිය සුමිත් ප්රසන්න ජයවර්ධන නැමැති එක්දරු පියාගේ මරණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවේ පසුවන ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට පක්ෂව ප්රකාශ ලබාදුන් පුද්ගලයෙකු සොරකමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 06දා තෙක් රිමාන්ඩ් කිරීමට ඇඹිලිපිටිය ප්රධාන මහේස්ත්රාත් ජනක කැකිරිදෙනිය පෙරේදා (01දා) නියෝග කර තිබේ. සැකකරුට එරෙහිව සොරකම් කිරිම සම්බන්ධව තවත් නඩු කිහිපයක් ඇති බවද පොලීසිය අධිකරණයට කරුනු දැක්වීය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්න ජේ. නානායක්කාර