ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයකදි මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සිරුර ගොඩගෙන පවත්වන ලද දෙවන පශ්චාත් මරණ පරීක්ෂයේ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (30දා) නියම කළේය.
නඩුව නැවතත් අප්‍රෙල් 08දා කැඳවීමට නියමිත අතර ඒ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාද එදින දක්වා රිමාන්ඩ් කළේය.
අජිත්ලාල් ශාන්තඋදය /කොලොන්න ජේ. නානායක්කාර