ඇඹිලිපිටියේදීතරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළ නඩුව මාර්තු 02 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්රාත් ප්රසන්න ප්රනාන්දු මහතා එදින දක්වාසැකකාර සහකාර පොලිස් අධිකාරී ජී.ඩබ්.සී.ධර්මසේන මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව අද (17දා) උසාවියට ඉදිරිපත් කෙරුණු අතර, ඊට අදාළ නියෝගය 19 වැනිදා ප්රකාශයට පත්කරන බව මහේස්ත්රාත්වරයා පැවසීය. ඇඹිලිපිටිය උසාවිය අසල දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ ආකාරයද දක්නට ලැබිණි.
නුවන් ජයසේකර / විජය විදානපතිරණ