ඇඹිලිපිටිය ප්‍රදේශයේදී තරුණයෙකු මිය යෑම සම්බන්ධයෙන් පොලීසිය වගකිව යුතු බවට පොලිස් වාර්තාවකින් පෙන්වාදී තිබෙන බැවින් ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ හිටපු නිලධාරීන් සහ සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදුකළ විමර්ශනයේදී මේ පිළිබඳව හෙළිවී තිබුණද අදාළ පොලිස් නිලධාරීන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, මේ නිසා මේ පිළිබඳව අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.