ඇඹිලිපිටිය සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් 21 දෙනා අත්අඩංගුවට ගත යුතු බවට ඒ පිළිබඳව සකස් කළ අතුරු වාර්තාවේ සඳහන් බව පවසමින් පළ වන මාධ්‍ය වාර්තා සත්‍යතාවයෙන් තොර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අතුරුවාර්තාවේ සඳහන් වෙන්නේ සිද්ධිය පිළිබඳව කරනු ලබන මහේස්ත්‍රාත් පරීක්ෂණ අවසන් වීමෙන් පසුව නිගමනයකට එළඹිය යුතු බව යැයිද එම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
පොලිස් නිවේදනය