ඇඹිලිපිටියේදී සිදුවීම පිළිබඳව අද (18දා) පොලිස්පතිවරයාට, සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වාර්තාවක් ලබාදිය යුතු බවත්, අද දිනයේදී ලබාදුන්නේ අතුරු වාර්තාවක් පමණක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
අදාළ වාර්තාව ලබාදීමටත් තවත් කාලය අවශ්‍ය බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගෙන් කල් ඉල්ලා තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
පොලිස්පතිවරයාගේ නියමයෙන් සබරගමු පළාතේ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්, ඇඹිලිපිටිය ප්‍ර‘දේශයේදී පොලීසිය සහ සාදයක නිරතව සිටි පිරිසක් අතර ඇතිවූ සිදුවීමකදී තරුණයෙකු මිය යාම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරනු ලබයි.