පොලීසිය සහ මහජනතාව අතර, ඇඹිලිපිටියේදී ඇතිවූ සිද්ධිය පිළිබඳව හෝ තරුණයෙකු මියයාම පිළිබඳව මෙතෙක් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ලැබී නොමැති බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
එහෙත් ජනමාධ්‍ය තුළින් අදාළ සිදුවීම වාර්තා කිරීම නිසා අදාළ සිදුවීමේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වූ පසු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවද එම නිලධාරියා පවසා සිටියේය.
අදාළ පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට පැමිණිල්ලක් ඉදිරිපත් විය යුතු බවත්, ඒ පිළිබඳව 071 036 1010 දුරකථනයෙන් හෝ අංක 09 බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව, කොළඹ 07 ලිපිනයට පැමිණ හෝ පැමිණිලි කළ හැකි බවද ජාතික පොලිස් කොමිසම සඳහන් කරයි.