එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද අදහස් ප්‍රකාශ වූ අතර එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසුවේ ඇමෙරිකාව ප්රමුඛ රටවල් ලබන 24 වැනිදා ඉදිරිපත් කරන යෝජනාව අනුව යුද අපරාද වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණඩලය තීරණය කළ බවයි.
ලබන 24 වැනිදා ඇමෙරිකාව ප්රමුඛ රටවල් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, මීට පෙර ශ්‍රී ලංකාවට විරුද්ධ රටවල් සහ සහාය දැක්වූ රටවල් සියල්ලම මෙම යෝජනාවට සහාය දක්වනු ඇතැයි බලාපොරොත්තුවන බවද සේනාරත්න මහතා පැවසීය.
ඇතැම් විට එම යෝජනාව ඒකමතිකව සම්මත වීමට බොහෝ ඉඩකඩ ඇති අතර ජාත්‍යන්තර වශයෙන් මිශ්‍රවූ අධිකරණයක් යන්න එහිදී ඉවත්කර ගැනීමටත්, පූර්ණ දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව උදාවනු ඇති බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත් මේ සඳහා ප්‍රතිචාර දැක්වීම 24 වැනිදායින් පසුව සිදුකරන බවද හෙතෙම පැවසීය.
එමෙන්ම මෙවර යුද අපරාධ වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ යුද අපාරාධයක් සිදුවී ඇත්නම් සොයා බලා පරීක්ෂණයක් පවත්වන ලෙස සඳහන් කරමින් බවත්, පසුගිය යෝජනාවේ ඇතුළත්වූ යම් පුද්ගල නාම 48ක් නව යෝජනාවෙන් ඉවත්කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.