ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව කුමන්ත්රණයක යෙදෙන බවට එරට වැඩ වෙසෙන තමන් වහන්සේට දැනගන්නට ලැබුණු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ පැවසූහ.
මීට ඉහත අවස්ථාවලදීද ඒ ආකාරයට කුමන්ත්‍රණවල යෙදෙන බව දැනගත් විට මෙරට රජය දැනුම්වත් කිරීමට පියවර ගත් බව පැවසූ උන්වහන්සේ, මේ දිනවල සිදුකරගෙන යන කුමන්ත්‍රණය පිළිබඳව සියලු රටවැසියන් අවධානයෙන් සිටීම වැදගත් බව පෙන්වා දුන්හ.
"මම අවුරුදු 39 ක්ම ඇමෙරිකාවේ ඉන්න කෙනෙක්. ජාත්‍යන්තර කුමන්ත්‍රණය බොරුවක් නොවේ. ඒ වගේම කොටින්ට සම්බන්ධ අය කරන වැඩ ගැන මම හොඳට දන්නවා. 1983 අවුරුද්දෙදි ඇමෙරිකාවට ගිය අවස්ථාවකදී යූ.සී.එන්.කේ. විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන්ට එවක තත්ත්වය පැහැදිලි කළා. ඒ වෙලාවෙදි රටට වෙන්න තිබුණු ලොකු විනාශයක් නවත්තගන්න ලැබුණා. එහි එල්.ටී.ටී.ඊය කරන කුමන්ත්‍රණ අදටත් මට දැනගන්නට ලැබෙනවා. ඒ කුමන්ත්රණකාරීන් අදත් ඒ වැඩකටයුතු නතර කරලා නැහැ."