ගංවතුර හා නායයෑම් ආපදාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් කඩිනම් ආධාර යටතේ ඇමෙරිකාව විසින් තවත් රු.මිලියන 36ක ප්‍රදානයක් සිදුකළ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ආපදාවට ලක්වූවන් වෙත ආහාර නොවන හදිසි ආපදා සහන ලෙස මෙට්ට, ඇතිරිලි, ඇඳම් සහ සනීපාරක්ෂක කට්ටල ලබාදීම සඳහා මීට පෙර ලබාදුන් රු.මිලියන 7.2ක ප්‍රදානයට අමතරව මෙම ආධාර මුදල ලබාදෙන බවද තානාපති කාර්යාලය පවසයි.
මීට අමතරව, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් USAID විදේශ ආපදා ආධාර පිළිබඳ කාර්යාලය සමග එක්ව, ගංවතුර සහ නියං තත්ත්වවලින් පීඩා විඳින ජනතාව සඳහා රු.මිලියන 144ක වියදමින් ආරක්ෂිත, ආපදාවලට ඔරොත්තු දිය හැකි තුන් අවුරුදු පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කඩිනමින් සැලසුම් කරමින් සිටින බවද කියයි.
ඒ අනුව, සමස්තයක් ලෙස කඩිනම් හා කෙටි කාලීන සහන කටයුතු වෙනුවෙන් ඇ.ඩො.මිලියන 187ක ආධාර ඇමෙරිකාව විසින් සිදුකර ඇති බව එම තානාපති කාර්යාලය පවසයි.