ශ්‍රී ලංකාවේ සම්මුතිවාදී රජය ගෙනයනු ලබන යහපාලන වැඩ පිළිවෙල පිළිබඳව ප්‍රසාදය පළ කරව බවත් ශ්‍රී ලාංකා ජනතාවගේ යහපත සහ අභිවෘද්ධිය වෙනුවෙන් සහය ලබා දීමට ඇමෙරිකාව සූදානමින් සිටින බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය සඳහන් කළාය.
ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා නීෂා බිස්වාල් මහත්මිය අතර සිදුවූ හමුවකදී අය ඉහත අදහස් දැක්වූවාය.
ඊයේ (2දා) සිදුවූ මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග ගැනද අග්‍රාමාත්‍යවරයා සහකාර රාජ්‍ය ලේකම්වරිය දැනුවත් කළේය.