ඇමෙරිකානු විශේෂ බලකාය සිරියාවට ගොඩබසී - IS නායකයෙක් මරුට
ඇමෙරිකානු හමුදා සිරියාවේ IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ට එරෙහිව ප්‍රථම ගොඩබිම් ප්‍රහාරය දියත් කරමින් එම සංවිධානයේ නායකයෙකු ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු විශේෂ බලකා සෙබලුන් විසින් දියත් කර ඇති මෙම මෙහෙයුමේදී IS නායකයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය වී ඇති බව පැවසෙයි.
අතිශය දුර්ලභ ආකාරයෙන් සිදුව ඇති මෙම ගොඩබිම් ප්‍රහාරයේදී අබු සයේෆ් නමැති IS නායකයා අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු හමුදා කටයුතු කළත්, එහිදී ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහු මියගොස් ඇති බව කියැවෙයි.
අබු සයේෆ් නමැති මොහු තෙල්, ගෑස් සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් නායකත්වය ගෙන ඉස්ලාමීය රාජ්‍යය අන්තවාදීන් සමග කටයුතු කර ඇති බව ඇමෙරිකාව පවසයි.
මෙම මෙහෙයුමට ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අවසර ලබාදී ඇති අතර, ඉරාකයේ සිටින ඇමෙරිකානු විශේෂ බලකා සෙබලු ඒ සඳහා යොදාගෙන ඇති බව පැවෙසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

