එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිය වෙත ඇමෙරිකාව ප්රමුඛ රටවල් හතරක් එක්ව ශ්‍රී ලංකාව පිළිබඳව සකස්කළ යෝජනාවලිය පිළිබඳව වන සාකච්ඡා අද (30දා) සිදු කිරීමට නියමිතය.
එම යෝජනාවලියට ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දැක්වූ හෙයින් ඡන්ද විමසීමක් සිදු නොවීමට බොහෝදුරට ඉඩ තිබේ. ඔස්ට්‍රේලියාවද යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීය.