ඇමෙරිකා එක්සත් ජනපදයේ 7 වැනි නාවික බලඇණියේ USS බ්ලූ රිජ් නෞකාව (LCC19) මාර්තු 26 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිත බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
2011 ඔක්තෝබර් මාසයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම එක්සත් ජනපද නෞකාව මෙය බවත්, පසුගිය මස ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පැවති සහයෝගීතා සාකච්ඡාවලදී හුවමාරු කරනලද අදහස් අනුව, ඉන්දියානු සාගර කලාපයේ සාගර ආරක්ෂක සහයෝගීතා ප්රයත්නයන් ශක්තිමත් කිරීම, මුහුදු කොල්ලකෑම් පාලනය, මානුෂීය ආධාර වැඩසටහන් සඳහා සහායදීම සහ කලාපයේ අත්‍යවශ්‍ය නැව් මාර්ග තුළ සංචලනයේ නිදහස් බව සහ ආරක්ෂිතභාවය තහවුරු කිරීමට මෙම නෞකාව පැමිණෙන බවද තානාපති කාර්යාලය පවසයි.