www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
සති දෙකක කාලයක් මෙරට රැඳී සිටිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටිඑක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණිය තම කටයුතු අවසන්කර අද (16 දා) දිවයිනෙන් පිටවගිය බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
එම නාවික බලඇණිය පැසිෆික් සහයෝගිතා දූත මෙහෙවර සඳහා මෙරටට පසුගියදා මාගම්පුර වරායෙන් මෙරටට ගොඩබට අතර, එම එක්සත් ජනපද නාවික බලඇණිය ආසියානු රටකට සේන්දු වූ ප්‍රථම අවස්ථාව මෙය බවද නාවික හමුදාව සඳහන් කරයි.
ඒ අනුව මෙරටට පැමිණි නාවික බලඇණියශ්රී ලංකා නාවික හමුදාව සමග එක්වෙමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ පොදු ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායක වූ බව නාවික හමුදාව සඳහන් කරයි.
සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලද එක්සත්ජනපද පැසිෆික් නාවික බලඇණිය අද දින සවස තම කටයුතු අවසන් කිරීම නිමිත්තෙන් හම්බන්තොට මාගම්පුර වාරයේදී වෙන්ව යාමේ උත්සවයකටද සහභාගි වූ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd