නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන තමා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යැවූ බව සිය නිවසේදී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
අද පෙරවරු 10ට ඒ මහතා නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබු අතර ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද විශේෂ කැබිනට් රැස්වීමක් ද කැඳවා තිබුණද ඔහු එයට සහභාගී නොවුණි. ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් මාරපන මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට කැබිනට් ඇමැතිවරු සහ සිවිල් සංවිධාන නායකයෝ විරෝධය පළ කළහ. ‘ඇවන්ගාඩ් අවි ගබඩාව පරීක්ෂා කළේ පොලිසිය ලකුණු දමා ගැනීමට‘ යැයි මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී කීවේය.