ඇමතිවරයෙකුගේ ඉන්ධන අවභාවිතාවක් හෙළිවෙයි
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සිදුකරන පරීක්ෂණයකදී වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු සිදුකළ ඉන්ධන අවභාවිත කිරීමක් හෙළි කර ගැනීම නිසා එම කමිටු ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ඉවත් කර දැමීමට එම දේශපාලඥයා උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
පසුගිය ආණ්ඩු සමයේදී පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් එම අමාත්‍යාංශයට අයත් ආයතනයකින් නීති විරෝධී ආකාරයට රුපියල් ලක්ෂ 45කට අධික ඉන්ධන ලබාගැනීමක් සම්බන්ධයෙන් මෙම නියෝජ්‍ය අධ්යක්ෂවරයා මැදිහත් වී පරීක්ෂණයක් පවත්වා තිබේ.
එහිදී මීට පෙර සිටි අමාත්‍යවරයාගේ සහ වර්තමාන අමාත්‍යවරයාගේ ඉන්ධන භාවිතය පිළිබඳවද පරීක්ෂාවක් සිදුකර තිබේ.මෙම පරීක්ෂා කිරීමේදී පසුගිය වසරේ ජනවාරි 13 වැනිදා සිට මේ වසරේ පෙබරවාරි 26 වැනිදා දක්වා කාලය තුළදී සිදු වූ බව කියනරුපියල් 1,059,750 ක වංචාවක තොරතුරු හෙළි කරගැනීමට හැකියාව ලැබී තිබේ.
මෙම වංචාව සිදුවී තිබෙන්නේ වර්තමාන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු විසින් ඔහුට අයත් වාහනවලට ඉන්ධන භාවිත කිරීම මගින් බවත්, මෙම නිලධාරියා විසින් මේ වනවිට හෙළිකරගෙන ඇත.
මේ නිසා මෙම වංචාව යටගැසීම සඳහා රටේ ඉහළ දේශපාලඥයෙකුගේ සහයෝගය ලබාගෙන මෙම නිලධාරියා අදාළ තනතුරෙන් ඉවත් කර ඔහු සේවා ස්ථානයෙන්ද මාරුකර යැවීමට සැලසුම් කර තිබේ.
අමාත්‍යාංශයක ප්‍රධාන ගණකාධිකාරී නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී මෙම නිලධාරියා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇත.
මෙම නිලධාරියා සේවාස්ථානයෙන් මාරුකර යැවීමට නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු වුවද, එම අවසරය ලබා නොගෙන මෙම ස්ථාන මාරුවීම සිදු කිරීමට සැලසුම් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

