ආමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් තිස් දෙනෙකු සඳහා වාහන මිළට ගැනීමට රුපියල් කෝටි 118ක් හා ලක්ෂ 25ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (08දා) ඉදිරිපත් කෙරිණි.
පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කෙරුණු මෙම පරිපූරක ඇස්තමේන්තුවට අනුව ඇතැම් අමාත්‍යවරුන් සඳහා වාහන 2ක් මිලට ගැනීමට මුදල් ඉල්ලා තිබේ.