තම අමාත්‍ය ධුරය අහිමිවීම සම්බන්ධයෙන් දැනුම්වත් වූයේ මධ්‍යයෙන් බවත්, පක්ෂයේ සභාපති හෝ ලේකම්වරයා කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් පසුගිය 10 දින සිට ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය තනතුර අහිමිවූ කුමාරසිරි රත්නායක මහතා පැවසීය.
තවද තමන් වැනි බිම් මට්ටමේ සිටින නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවැනි ආකාරයෙන් කටයුතු කරන්නේ නම්, තමන් ඇතුළු පිරිස් දැඩි දේශපාලන තීන්දු තීරණ ගැනීමට සිදුවන බවද අවධාරණය කළේය.
ඒ මහතා එසේ පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී පත්ම උදය ශාන්ත මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලකයන් හා අනුගාමිකයන් සඳහා මාධ්‍ය හමුවකදීය.
එසේම ඌව පළාත් සභාවේ අමාත්‍ය ධුර බෙදාදීමේදී ඌව පළාත් සභාවට අයත් වන බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල අපට ඡන්දය ලබාදුන් ජනතාවට අසාධාරණයක් නොවන අයුරින් එම අමාත්‍ය ධුර බෙදා දිය යුතු වුවද එය එසේ සිදුව නොමැති බවද හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ අනුව බදුල්ල දිස්ත්‍රික්කයට මහ අමාත්‍ය ධුරය හා තවත් අමාත්‍ය ධුර 03 ක් ලබාදී මොනරාගල දිස්ත්‍රික්කයට දැන් ඉතිරිව ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ධුරය පමණක් වීම ඉදිරි මැතිවරණවලදී බලපෑම් ඇති කරනු ලබන අසාධාරණයක් බවද ඒ මහතා සඳහන් කළේය.
කුමාරසිරි රත්නායක මහතා මීට සිය අමාත්‍යධුරයේ මීට පෙර දිවුරුම් දෙමින්..
ඌවපරණගම - අර්නි දඹදෙනිය