වසර 60 කට ආසන්න කාලයක් පදිංචි සිටින නව ඉඩම්වල සන්තකය ආපසු භාරදී යැපෙන්නන් සමග ඉන් ඉවත්වන ලෙසට දරු පවුල් 83 සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තර තිබෙන ලිඛිත දැනුම්දීමට විරෝධය පළ කරමින් හග්ගල දැඩි රක්ෂිතයේ ආසන්නයේ පදිංචි සියයකට අධික පිරිසක් පසුගියදා නුවරඑළිය නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
රාජ්‍ය කළමණාකරණ ප්‍රතිසංස්තරණ අමාත්‍ය නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතාද, උද්ඝෝෂණයට සහභාගී වී සිටියේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක දෙක තුළ පිහිටි සීතාඑළිය ගොරඩිහෙළ, මීපිළිමාන ප්‍රදේශයේ ජයවර්ධනපුර, ජේන්දපොළ, කොවිල්පතන සහ අබේවෙල යන ගම්මානවල පදිංචි පවුල් 268 මෙසේ ඉවත්වීමට නියමිතය.