එකම අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේම ලේකම්වරයා මහ මැතිවරණයට පක්ෂ දෙකකින් තරග කිරීමට ඉඩ ඇති විරල අවස්ථාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් අද ට වාර්තාවෙයි.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් එළඹෙන මහ මැතිවරණයට තරග කරනු ලබයි.
එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන කරුණාරත්න පරණවිතාන මහතා ද එළඹෙන මැතිවරණයේ දී රත්නපුරය දිස්ත්‍රික්කය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටී.
පරණවිතාන මහතා මැතිවරණයට ඉදිරිපත්වනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙක් වශයෙනි.