සිය කාර්යාලයීය භාවිතය සඳහා යොදා ගැනීමට වාහනයක් මිලදි ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් වෙන් කළ මුදල් යොදා නොගන්නා ලෙස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලිපියකින් දන්වා තිබෙනවා.
සිය අමාත්‍යාංශ ලේකම් වසන්ත දේශප්‍රිය මහතාට පසුගිය 5දා ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයා පවසා තිබෙන්නේ වාහනයක් මිලදී ගැනීම සඳහා වෙන්කළ මුදල් ඒ වෙනුවෙන් භාවිත නොකරන ලෙසයි.
පසුගිය 05දා අමාත්‍යවරයා මෙම ලිපිය යොමුකොට තිබේ.