අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති අතර, මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය අද (22දා) ක්‍රියාත්මක වීමට බොහෝදුරට ඉඩ තිබේ.
විජේදාස රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට ලබාදුන් කාලය අවසන් බැවින්, ඔහු සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඊයේ (21දා) රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදීය.
ඒ සම්බන්ධ තීරණය ගෙන අවසන් බව මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) රාත්‍රී 7.00ට පමණ අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැති අතර, එයට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහභාගි වී නොමැත.
වාර්තා වන අන්දමට පක්ෂයේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් සහ පක්ෂය පිළිබඳ වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතු බවත්, විජේදාස රාජපක්ෂ මහතාට ලබාදුන් කාලය අවසන් බැවින් වහාම මේ පිළිබඳ තීන්දුවක් ගත යුතු බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම හමුවේදී ප්‍රථමයෙන්ම පවසා තිබේ.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසා ඇත්තේ විජේදාස රාපක්ෂ මහතාගේ අරමුණ විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු වීම බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් සූදානම් වී ඇති අතර, විවිධ වෙබ් අඩවි සකසා පක්ෂයට මඩ ගසා ඇති බවත්ය.
පක්ෂය පිළිබඳ කල්පනා කරමින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවද හෙතෙම පවසා තිබේ.
තීරණයක් ගැනීමට දුන් කාලයේදී රාජපක්ෂ මහතා කළ ප්‍රකාශවලින් පක්ෂයට හානි සිදුවන බවද මරික්කාර් මහතා පවසා ඇත.
පසුව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකුද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
ඉන්පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරය එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍ය ධුරයක් වන අතර, මේ සම්න්ධයෙන් තීරණයක් ගැනීමට අයිතිය එක්සත් ජාතික පෙරමුණට ඇති බවයි. අන් අයට ඒ පිළිබඳ තීරණය කළ නොහැකි බවද හෙතෙම පවසා ඇත.
ඒ අනුව විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධ තීරණය බොහෝදුරට අද (22දා) දිනයේදී ක්‍රියාත්මක වීමට නියමිතය.
එමෙන්ම මෙවර පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත පළාත් පාලන මැතිවරණ සංශෝධන කෙටුම්පත පිළිබඳ පසුව සාකච්ඡා වී තිබේ.