ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ රට බේරාගෙන රටට නිදහස ලබාදුන් මහින්ද රාජපක්ෂ පෙරමුණ සහ දිනාගත් නිදහස අධිරාජ්‍යවාදීන්ට පාවාදීමට කටයුතු කරන පෙරමුණක් බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
මෙම පෙරමුණු දෙකෙන් අතිවිශිෂ්ට ජයක් ලබන්නේ රටට නිදහස ලබාදී රට සංවර්ධනය කරන මහින්ද රාජපක්ෂ මහතා බවත්, එසේ නොවන බවට කවුරුත් හෝ ප්‍රකාශ කරනවා නම් තම ජීවිතය පවා ඔට්ටුවට තැබීමට සූදානම් බවද ඔහු පවසා සිටියේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජයට පත්වන බවට කවුරුන් හෝ සඳහන් කරනවා නම් එය හිස් කතාවක් බවද ඒ මහතා සඳහන් කළේය.