සාලාව කඳවුරේ ඇතිවූ පිපිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස වලට හා ගොඩනැඟිලි වලට සිදුවූ හානි නිරීක්ෂණයට මෙන්ම ජනතාව හමුවී අවශ්‍යතා සොයා බැලීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සාලාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
එම දේපල යථා තත්වයට පත්කිරීමට සහ ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ජනතාව හමුවේ පැවසීය. ජනාධිපති , ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ත්‍රිවිද හමුදා ශ්‍රම දායකත්වයෙන් එම නිවාස නැවත පිළිසකර කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ජනතාව අවශ්‍ය ආහාර , පානීය ජලය ලබාදීමට පියවර ගෙන ඇති බවද පැවසීය.