මැලේසියානු අග්‍රාමාත්‍ය අබ්දුල් රසාක් මහතාගේ ආරාධනයකට අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මැලේසියාවේ ක්වාලා-ලාම්පූර් හි පැවැත්වෙන 15 වන ආරක්ෂක සේවා ආසියානු ප්‍රදර්ශනයට සහ “සාමය සඳහා වු ආරක්ෂක හා ආරක්ෂාව පිළිබඳ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවී සිටී.
මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ආරක්ෂක සේවා ආසියානු ප්‍රදර්ශනයට සමගාමීව සාමය සඳහා වූ ආරක්ෂක හා ආරක්ෂාව පිළිබඳ සමුළුව ද ආරම්භ කෙරිණ. මෙම සමුළුව අතරතුර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ මැලේසියානු ආරක්ෂක අමාත්‍ය හිෂම්මුදීන් හුසේන් මහතා අතර ද්විපාර්ශවිය වශයෙන් ආරක්ෂක කටයුතු වලට අදාල විශේෂ සාකච්ඡාවක් ද සිදුවිය.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ද සහභාග වේ.