(ඇමතිවරයාට යොමු කළ ලිපියද සහිතයි)
ධීවර හා ජලජ සම්පත් රාජිත සේනාරත්න මහතාට විරුද්ධව නඩු පවරන බවට ප්‍රංශයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙක් පවසා තබෙන බව බොදුබල සේනා ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී ඩිලන්ත විතානගේ මහතා පවසයි.
ප්‍රංශයේ පදිංචිව සිටින සුනිල් ගාමිණී නම් පුද්ගලයෙක් විසින් මෙම නඩු පැවරීමට කටයුතු කර තිබෙන බවද ඩිලන්ත මහතා අප වෙත යොමු කළ විද්‍යුත් තැපැල් පණිවුඩයක සඳහන් වෙයි.
පසුගිය අගෝස්තු මස 6 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී අමාත්‍යවරයා සිය අමාත්‍යාංශයේ පවත්වන ලැදැයි කියන මාධ්‍ය සාකච්ඡාවක් හේතුවෙන් සිය දිවිය මෙන්ම පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ දිවිය අනතුරකට භාජනය කිරීමට අමාත්‍යවරයා කටයුතු කර ඇතැයිද, ඒ හරහා තමා බලවත් මානසික පීඩනයකින්ද සිටින බව සඳහන් කරමින් මේ සඳහා වන්දි ඉල්ලමින් නඩු ගොනු කරන බවට සුනිල් ගාමිණී මහතා යොමුකළ ලිපියේ සඳහන් වෙයි.
පහතින් දැක්වෙන්නේ බොදුබල සේනා ජාලය අපට යොමුකළ ලිපියයි.
අමාත්‍යවරයා පෙන්වූ බව කියන ඡායාරූපය