UPDATE ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 35කගේ අත්සනින් යුතුව සකස් කල රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහීත අබේගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට භාර දී තිබේ.
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනවක් ගෙන ඒම සඳහා මේ දිනවල කෙටුම්පත් කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමම්න්පිල මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් කෙටුම්පත් කිරීමේ කාර්යය සිදුකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ අතර බැඳුම්කර කොමිසම වෙත ඉදිරිපත් වූ සියලුම සාක්ෂි දෛනික වාර්තාවේ කොටසක් ලෙස සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට තමන් බලාපොරොත්තු වන බවද ඒ මහතා පවසා සිටියේය.