හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසන මිතුරා යනු අග්‍රමාත්‍ය රනිල් වික්රමසිංහද, එසේ නැතහොත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම දැයි රටට පැවසිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (03දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රවී කරුණානායක මහතාගේ මිතුරන් සියලු දෙනා එකතුවී හොරා කා ඇතැයි මේ වනවිට ඔප්පු වී ඇති බවයි.
“මේ වගේ හොරකමකට චෝදනා ලබපු පුද්ගලයකු කොහොමද විදේශ අමාත්‍යවරයා ලෙස ලෝකය හමුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ? එවිට ශ්‍රී ලංකාවට සිදු වන අවමානය කෙතරම් බරපතළද?
දැන් රවී කරුණානායක කියනවා ‘මිතුරන්ගෙන් පහර කෑමට සිදුවීමයි වේදනාව’ කියලා. කවුද රවීගේ මිතුරා? අගමැති රනිල් ද? එහෙම නැතිනම් රනිල්ගේ ගෝලයා මලික් සමරවික්‍රම ද? ඒ මිතුරන් දෙදෙනා හැර රවීට වෙනත් මිතුරන් සිටී ද? දැන් ඉතාමත් පැහැදිලියි බැඳුම්කර ගනුදෙනුවෙන් හොරකම් කරපු බව." යනුවෙන් හෙතෙම පවසා සිටියේය.