ඇමති රථගායට මාස හයට රු. බි. 3ක්
මැතිඇමැතිවරුන් සඳහා වාහන ගෙන්වීමට පසුගිය මාස හය තුළ රුපියල් බිලියන 3කට අධික මුදල් ප්‍රමාණයක් වෙන්කර ගෙන ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ඡාගොඩ මහතා පවසයි.ඔහු මේ බව පැවැසුවේ අද (07දා) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ඒ මහතා,
“අලුතින්ම වාහන ගෙන්වීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගෙන තියෙනවා, රුපියල් මිලියන 330ක. මෙලෙසම 2016 වසරේදී රුපියල් මිලියන 1180ක් මුලින් වෙන්කළා. ඉන් පස්සෙ නොවැම්බර් මාසයේදී රුපියල් මිලියන 791ක ඇස්තමේන්තුවක් වෙන්කළා. 2017 අවුරුද්දෙ පෙබරවාරි මාසයෙ රුපියල් මිලියන 543ක්ද, මාර්තු මාසයේ රුපියල් මිලියන 371ක්ද වෙන්කරලා තියෙනවා. අතරතුරේදී තමයි රජය විසින් මැයි මාසයේදී මිලියන 330ක ඇස්තමේන්තුවක් වෙන්කරන්න යන්නේ.
මීතොටමුල්ලෙ කුණු කන්දට යටවෙලා මිනුස්සු මැරෙද්දී නැතිවෙච්ච ඡිවිතයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක් දීල මිය ගිය 33 දෙනාට ලක්ෂ 33ක් දිපු ආණ්ඩුව මැති ඇමැතිවරුන් වෙනුවෙන් මිලියන් 330 ක් වෙන් කිරීම ලැඡ්ඡා සහගතයි”යැයි ඔහු පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

