ඇමති රංගේ තරුණයෙකුට පහර දුන් බවට චෝදනා
පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිපුණතා වර්ධන හා වෘත්තිය පුහුණු රාජ්ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් පහර දුන් බව කියන විසි දෙහැවිරිදි අවිවාහක තරුණයෙකු ප්රතිකාර ලබාදීම පිණිස තමන් හලාවත දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කළ බව පල්ලම පොලීසිය කීය.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ පල්ලම පොත්තුක්කුලම පාසල් මාවතේ පදිංචි ගුණරත්න හේරත් මුදියන්සේලාගේ තුසිත මධුශාන් ( 22 ) නමැති තරුණයෙකි. පෙරේදා ( 13 දා ) අලුයම රාජ්ය ඇමතිවරයා මෙම තරුණයාව සිය වාහනයේ දමා ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් බාර දෙමින් තමන් ආණමඩුව බංගදෙණිය මාර්ගයේ රාත්රි 12.30 ට පමණ පැමිණෙන විට පොත්තුක්කුලම පාසල් හංදියේ තරුණයක් පිරිසක් රැඳී සිටිනු දුටු බවත් ඔවුන් අසලට පැමිණෙන විට ඒ අතර හිටි තරුණයෙකු තම වාහනය එන පෙර මගට පැන්න බවත් වාහනය නවතා බලන විට එකි තරුණයා අධික ලෙසින් මත්පැන් පානය කර සිටි අතර සෙසු තරුණයන් පලා ගිය බවත් වාහනයට වෙරි මතේ පැනීම නිසා තමන් තරුණයාව වාහනයේ නංවා ගෙන පැමිණ මෙසේ පොලීසියට බාර දෙන බව දන්වා ඇත.
එහෙත් තරුණයා පවසා ඇත්තේ තමන් මරණ ගෙදරකට ගොස් ආපසු මැදියම් රාත්රියේ තම මිතුරන් පිරිසක් සමග ගමන් කරමින් සිටියදී පැමිණි මන්ත්රීවරයා වාහනය නතර කර තමන් අල්ලා අමානුෂික ලෙසින් පහර දී පොලීසියට ගෙන ආ බවත් තමාට අමාරු බවත් ඔහු කියා ඇත. එම පැමිණිල්ල අනුව තරුණයා පොලිස් ජීප් රථයෙන්ම ගෙන ගොස් රෝහල්ගත කළ බවත් පොලීසිය කියයි. හලාවත රෝහලේ නතර වි ප්රතිකාර ලැබු තරුණයා පසුව පෙරේදා ( 13 දා ) දහවල් වන විට ටිකට් කපා ගෙදර ගොස් තිබුණි. පල්ලම පොලිස්ය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරයි.
හලාවත සුපුන් හංසන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

