ඇමති රංගෙ බණ්ඩාර විල්පත්තුවේ නිවාස ව්‍යාපෘතියකට සැලසුම් කරනවා
වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මැදිහත්වී විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි පූක්කුලම් ප්‍රදේශයේ ගස් කපා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇතැයි විල්පත්තුව සුරැකීමේ සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ අද (20දා) පැවසූහ.
මෙම කරුණු සම්බන්ධව වනජීවී අධ්යක්ෂ ජනරාල් එන්.ඩී.සී.සූරියබණ්ඩාර මහතා සමග එම දෙපාර්තමේන්තුවේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව උන්වහන්සේ මේ බව කියා සිටියහ.
පාලිත රංගේ බණ්ඩාර මහතාගේ හිතවතුන් පදිංචි කිරීම සඳහා නිවාස 125ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්,එම ව්‍යාපෘතියට අදාළවඅගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ මස 22 වැනිදා සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ආනන්ද සාගර හිමියෝ ප්‍රකාශ කළහ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවටත්, අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී සත්‍ය කරුණු ප්‍රකාශ කරන බවට වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා පොරොන්දු වූ බවත්ද එහිමියෝ පවසා සිටියහ.
පරිසර සංවිධාන නියෝජනය කරමින් කිහිප දෙනෙක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


