ඇමති මාරුවට දින 3කට පෙර රෝස්වුඩ් දැව තොගය විකුණලා
ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තිබූ රෝස්වුඩ් දැව තොගය කිලෝවක් ඇමෙරිකානු ඩොලර් 7.50ක් වැනි අඩු මුදලකට රහසේ විකුණා දමා ඇතැයි රේගු නිලධාරීහු සඳහන් කරති.ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මෙම දැව කිලෝවක් ඇමෙරිකානු ඩොලර් 25 – 75 ත් අතර මුදලකට අලෙවි වන බවද එම පිරිස් පෙන්වා දෙති.
මෙට්‍රික් ටොන් 420 ක බරින් යුත් මෙම දැව තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට මීට පෙර උත්සාහ කළද, ටෙන්ඩර පනතට ආපසු නොගෙන රුපියල් කෝටියක මුදලක් තැන්පත් කළ යුතු බවට නීතියක් පැනවීම නිසා එය නිසි ලෙස සිදු නොවූ බවද රේගු නිලධාරීහු සඳහන් කරති.
මේ ආකාරයට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීම කඩාකප්පල් කර සාමාන්‍ය රේගු ක්‍රමයට අනුව ප්‍රසිද්ධ දැන්වීම් තුළින් ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධ නොකර අදාළ දැව තොගය අමාත්‍යවරයෙකුගේ හිතවත් පුද්ගලයෙකුට කිලෝවක් ඇමෙරිකානු ඩොලර් 7.50කට විකුණා දමා තිබෙන බවද රේගු නිලධාරීහු කියා සිටිති. ඇමති මාරුවට දින තුනකට පෙර මෙම කටයුත්ත සිදුකර තිබෙන බවත්, මේ නිසා රටට ලැබීමට තිබූ විශාල මුදලක් රටට අහිමි වී තිබෙන බවත් රේගු නිලධාරීහු කියා සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

