උතුරුමැද පළාත් සභාව හෙල්ලෙයි
(UPDATE)
උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරයෙන් කේ.එච්. නන්දසේන මහතා වහාම ඉන් ඉවත් කර එම්. හේරත් බණ්ඩා මහතා පත්කිරීම හා ඊට විරෝධය පා උතුරු මැද පළාත් ප්‍රවාහන හා යෞවන කටයුතු අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමගම උතුරු මැද පළාත් සභාවේ බලය හෙලවී තිබේ.
උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කර දැමූ කේ.එච්. නන්දසේන මහතාගේ පුරප්පාඩුවට ඊයේ (10දා) උදෑසන 9.12ට යෙදුණු සුබ මොහොතින් උතුරු මැද පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන එම්. හේරත් බණ්ඩා මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.
ඒ අනුව හේරත් බණ්ඩා මහතා සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධක, පරිවාස හා ළමාරක්ෂක, කාන්තා කටයුතු අමාත්‍යවරයා වශයෙන් වැඩ භාරගැනීමට නියමිතය. වසර කිහිපයක්ම උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ හෙතෙම කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිධාරියෙකි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේ උතුරුමැද පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්තෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කේ.එච්. නන්දසේන අමාත්‍යවරයා වර්තමාන පළාත් සභාවේ වසර දෙකකට ආසන්න කාලයක් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කළේය.
උතුරුමැද පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යධුරයෙන් කේ.එච්. නන්දසේන මහතා ඉවත් කිරීමේ තීන්දුවට විරෝධය පා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර සිටින එස්.එම්. රංජිත් සමරකෝන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම තනතුරට පේශල ජයරත්න මහතා පත්කෙරිණි. අනතුරුව එස්.එම්. රංජිත් සමරකෝන් මහතා උතුරුමැද පළාත් යෞවන කටයුතු, ක්‍රීඩා, ප්‍රවාහන හා සමුපකාර අමාත්‍යවරයා ලෙස පත්කෙරිණි.
උතුරුමැද පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්කර දැමූ කේ.එච්. නන්දසේන මහතාගේ පුරප්පාඩුවට අද (10දා) උතුරු මැද පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන එම්.හේරත් බණ්ඩා මහතා උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා ඉදිරියේදී දිවුරුම් දෙන ලදී.
ඒ අනුව ඒ මහතා සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධක පරිවාස හා ළමාරක්ෂක කාන්තා කටයුතු අමාත්‍යවරයා වශයෙන් වැඩබාර ගැනීමට නියමිතය. වසර කිහිපයක්ම උතුරුමැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ හෙතෙම කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිධාරියෙකි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන් වසර 24ක් කටයුතු කළ අයෙකි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේ උතුරුමැද පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්තෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නන්දසේන අමාත්‍යවරයා වර්තමාන පළාත් සභාවේ වසර දෙකකට ආසන්න කාලයක් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර ඒ මහතාට අද (10) දිනයේ සිය අමාත්‍යධුරය අහිමිවිය.
මෙම තීන්දු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීන්දුවක් බව අභිනවයෙන් අමාත්‍යධුරයට පත්වූ උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී එම්. හේරත් බණ්ඩා මහතා පැවසුවේය.
දිවුරුම් දීමේ උත්සවයට ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

