අමාත්‍ය මණ්ඩල වෙනසක් සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එක්ව මේ වනවිට සාකච්ඡා පවත්වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (28දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ අනුව අදාළ තනතුරුවල වෙනස්කම් කෙසේ සිදුවේවිදැයි නිශ්චිතව කිව නොහැකි බව සඳහන් කළ කබීර් හෂීම් මහතා, වැඩිදුරටත් පවසා සිටියේ තමා මේ දිනවල කුඹුරු කෙටීම සඳහා පුහුණු වෙමින් සිටින බවයි.