මහපොළ භාරකාර අරමුදලින් රුපියල් මිලියන 1000ක (බිලියන එකක්) මුදලක් වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධව සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ විපක්ෂය අද (23දා) පැමිණිලි ඉදිරිපත් කළේය.
මීට පෙර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පැවැති මහපොළ භාරකාර අරමුදල සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට පවරාගෙන එම අරමුදල පරිහරණය කිරීමේ සභාපතිවරයා ලෙස වික්‍රම වීරසූරිය මහතා පත්කරගෙන තිබෙන බවත්, ඒ මහතාගේ පුතුන් දෙදෙනෙකු අධ්යක්ෂ ධුර දරන සමාගමකට බැඳුම්කර නිකුතුවක් මගින් මහපොළ භාරකාර අරමුදලේ මුදල් ලබාදී තිබෙන බවත් පැමිණිල්ල මගින් කරුණු සඳහන් කර තිබේ.
සිසිර ජයකොඩි, විමලවීර දිසානායක යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.