ජීප් රියකින් පැමිණි පිරිසක් අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකණය ඉදිරිපිටදී තර්ජනය කළේය.
ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාගේ නඩුව අද (25දා) නැවතවරක් විභාගයට ගත් අතර ඒ සඳහා සහභාගීවීමට පැමිණි මර්වින් සිල්වා මාධ්‍යයට අදහස් දක්වමින් සිටියදී මෙම සිදුවීම සිදුවිය.
මේ අතර තමන් ආණ්ඩුවෙන් යන්නේදැයි ඇමතිගෙන් මාධ්‍ය විමසූ අතර ඔහු සඳහන් කළේ එවැනි තීරණයක් ගෙන නැති බවයි.