(UPDATE) තංගල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ බ්‍රවුන්හිල්ස් හංදිය අසලදී සිදුවු අනතුරකින් තුවාල ලද තලල්ල ප්‍රදේශයේ පදිංචි අගම්පොඩි රංජිත් (52) ඊයේ (04 දා) මියයාම නිසා එම අනතුර සිදුකළා යැයි සැලකෙන අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ගුණවර්ධන අද මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තුවාලකරු මියයාම නිසා මාරක රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් මාතර පොලීසියේ රථවාහන අංශය විසින් ජීප් රථයේ රියදුරු ලෙස කටයුතු කළ චතුර ගුණවර්ධන අද දින අත්අඩංගුවටගත් බව පොලිස් මූලස්ථානය පවසයි. සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 200,000 ඇප මත නිදහස් කළේය.
-------------------------------------------------------------------------------------------
මාතර, මැද්දවත්ත, බ්රවුන්ඩ්හීල් හංදියේ කහ ඉර අසලදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්‍රයා විසින් පදවන ලද ජීප් රථයක හැපී බරපතළ තුවාල ලබා දින 14 ක් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරැ පියා ඊයේ (04දා) සවස ජීවිතක්ෂයට පත්විය.
එසේ මරුමුවට පත්වූයේ ගන්දර තලල්ල පදිංචිව සිටි අගම්පොඩි රංජිත් (52) නමැති අරක්කැමියෙකි. ඉකුත් 20 වැනි දින ඔහු මෙම අනතුරට ලක්වී තිබුණි.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් පසන් ගුණවර්ධන ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබන අතර, ඔහුට අනතුර සිදුවන අවස්ථාවේදී වාහන පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබුණි.
මාතර සෙව්වන්දි පත්තුවේ ආරච්චි