කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී අද (01දා) අලුයම් කාලයේදී කිසියම් පුද්ගලයෙකුගේ පහරකෑමකට ලක් වී ඇති ඇමති පුත්‍රයෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.
අද (01දා) අලුයම 3.00ට පමණ කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ රාත්‍රී සමාජ ශාලාවකදී මෙම ඇමති පුත්‍රයා පහර කෑමට ලක්ව ඇති බවත්, එහිදී ඔහු තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.
මෙම අමාත්‍යවරයා මෙන්ම ඇමති පුත්‍රයාද වරින් වර මෙවැනි සිදුවීම්වලට මැදිහත් වන පුද්ගලයන් බවද කියැවෙයි. මීට පෙරද මෙම ඇමති පුත්‍රයා නොයෙක් වර රාත්‍රී සමාජ ශාලාවලදී අඩදබර ඇති කරගත්තෙකි.
ඇමති පුත්‍රයාට පහරදුන් පුද්ලගයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවද වාර්තා වෙයි.