රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ඊයේ (29දා) රාත්රියේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යොමු කර තිබේ.
එි පිළිබඳව කළ විමසුමකදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කාල සීමාවේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිදු වූ දේවල් පිළිබඳව තමන් කළකිරීමෙන් පසු වූ බවයි.
එසේම ඉදිරි ජනපතිවරණයේදි පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අතර නවීන් දිසානායක මහතා සංවිධායක ධුරය හෙබ වූ නුවරඑළිය ආසනයේ සංවිධායක ධුරයට මීට සතියකට පමණ ඉහතදි අමාත්‍ය සී.බී. රත්නායක මහතා පත්කොට තිබුණි.