ඇමති ධූරවලට මුදල් බලයට වේරැස්ගඟ ව්‍යාපෘතියට බාධා කරන්න තමා ඉඩ නොතබව බව බස්නාහිර පළාත් මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අද(26) උත්සවයක් අමතමින් ඒමහතා මෙසේද කීය
අද ඇතැම් මාධ්‍යවල පළකරලා තියෙනවා වේරැස්ගඟ ව්‍යාපෘතිය අධිකරණයෙන් තහනම් කළාය කියලා. එහෙම එකක් අපට නම් දැනුම් දීලා නැහැ. වේරැස්ගඟ ව්‍යාපෘතිය අපේ මේ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ආරම්භ කරපු ව්‍යාපෘතියක් නෙමෙයි. ඒක 2005 ඉඳන් සැලසුම් කරලා විශේෂයෙන්ම 2010 ඇතිවෙච්ච මහා ගංවතුර නිසා 120 මාර්ගය යටවෙලා ගියා. විශේෂයෙන්ම අනවසර ඉදිකිරීම් නිසා විවිධ ව්‍යාපාරික ස්ථාන වැනි නොයෙකුත් දේවල් ගොඩනැගිලා තිබෙන නිසා, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් ඉඩම් අත්පත් කරගෙන නුගේගොඩ ඉඳන් පිළියන්දල දක්වා කරගෙන යන වැඩපිළිවෙලක්. මේකෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ගංවතුර උවදුරෙන් ගැලවී ම සිද්ධවෙනවා. මම සැප්තැම්බර් 8 මේ අමාත්‍යාංශය ගන්න කොට, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මීට කලින් මේක විදේශීය පුද්ගලික ආයතනයකට දෙන්න ගියේ රුපියල් බිලියන 35 ක වගේ විශාල මුදලකට. ඒකෙන් 1/3කට වගේ ආසන්න රුපියල් බිලියන 12කට වගේ තමයි ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව දේශීය ඉංජිනේරු දැනුමෙන් මේක කරගෙන යන්නේ. ඒ වගේම ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව බොරු ආරංචි පැතිරිලා ගිහින් තිබෙනවා.
සමහරු හිතනවා ඇමතිකම් දැරුවයි කියලා තමන්ගේ ඉඩම මේකට අයත් විය යුතු නැහැ කියලා. ගංවතුර ප්රශ්නය පොදු ප්‍රශ්නයක්, අපි පවුල් 170 කට අයත් ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා. ඒකට ධනය, බලය තිබුනයි කියලා අපි යටත් වෙන්නේ නැහැ. නීතිය හැමෝටම සමව කි‍්‍රයාත්මක කිරීමට තමයි මේ යහපාලන ආණ්ඩුවට මේ බලය ලැබුණේ. බලය තිබුණ මිනිස්සුන්ගේ ගෙවල් මග හරින්න පාරවල් හදපු නැති පාරවල් තිබුණා. ඔවුන්ගේ ඉඩම් බේරගන්න ගංවතුර පාලනය ඇණහිටවපු අවස්ථා තිබුණා. ඒක නෙමෙයි මේ යුගය, මේ යුගය බලය ධනය වෙනුවට ජනතාවගේ අවශ්‍යතා මත කටයුතු කරන යුගයක්