ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වී ඉන්පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව රට ගොඩනැගීමට කටයුතු කරන බව හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා සඳහන් කළේය.
තම පියාට හිමිව තිබූ ආසන සංවිධායක ධුරය අහිමි කිරීම හා වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව කලකිරී අද (25දා) දිනයේදී දැරූ පළාත් සභා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ බවද හෙතෙම පවසා සිටියේය.
පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් ඒකාබද්ධ විපක්ෂය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව රට ගොඩනගන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.