බ්‍රිතාන්‍ය නවක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අම්පාර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා දේශීය කර්මාන්ත නගාසිටුවීමේ අමාත්‍ය දයා ගමගේ මහතා මුණගැසීමක් සිදුවිය.
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා වෙළෙඳ සංගමයේ සභාපති ව්‍යාපාරික ජයම්පති පෙරේරා මහතා හා අනෝමා ගමගේ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූහ.මෙහිදී ලංකාවේ ආර්ථික නගාසිටුවීමට තමාට දිය හැකි පූර්ණ සහාය ලබාදෙන බව රනිල් ජයවර්ධන මන්ත්‍රීවරයා පවසා තිබේ.
ශ්‍රී ලාංකික සම්භවයකින් පැවත එන විසිනම හැවිරිදි රනිල් ජයවර්ධන මහතා, 2015 මැයි මාසයේ පැවැති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් ගිනිකොනදිග එංගලන්තයේ හැම්ප්ෂයර් ඊසාන දිග මැතිවරණ කොට්ඨාසයෙන් පාලක කන්සර්වේටිව් පක්ෂයෙන් තරග කර වැඩි ඡන්ද තිස්දාහක විශිෂ්ට ජයක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රීවරයෙකි.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට