25 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හොබවන විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හෙට (05දා) උදෑසන සමළුව අමතමින් ශ්‍රී ලංකා ජාතික ප්රකාශනය ඉදිරිපත් කිරිමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත් කරමින් පවසයි.
එසේම සමුළුවට සහභාගීවීම සඳහා ඇමතිවරයා අද (04 දා) ජීනීවාවලට පැමිණීමට නියමිතය. ඇමති ජී.එල්. පීරිස් හා එජා මානව හිමිකම් මහකෙමසාරිස්වරිය අතර හමුවක් මාර්තු 6වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල, වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ යන ඇමතිවරුන් මෙන්ම ජිනිවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ, ජනපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලෙකම් චන්දම වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබති.