රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ජංගම සේවා පැවත්වීමට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතියකට කරන අධික වියදම පිළිබඳ ජනාධිපති කාර්යාලයට ලැබුණු පැමිණිලි මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.
රජයේ හවුල්කාර පක්ෂයක් නියෝජනය කරන මෙම අමාත්‍යවරයා පසුගිය කාලයේ මසකට වාර දෙකක් පමණ ජංගම සේවා ව්‍යාපෘති පවත්වා ඇත.
මෙම එක් ජංගම සේවාවකට රුපියල් මිලියන 08කට ආසන්න මුදලක් වැයකර ඇතැයි ලැබී තිබෙන පැමිණිලිවල සඳහන්ය.
එහෙත් ඒවා සඳහා සැබැවින්ම වැයකර තිබෙන ඇස්තමේන්තුද තොරතුරු සහිතව පැමිණිලිකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මෙම පැමිණිලි විමර්ශනය ගැන ඉව වැටී ඇති ඇමතිවරයා සිය ජංගම සේවා ව්‍යාපෘතිය මසකට එකක් දක්වා අඩුකර ඇතැයිද වාර්තා වේ.
සංජීවිකා සමරතුංග (ඉරිදා දේශය)