ඇන්ටාක්ටික් අයිස් කුට්ටි තුනී වෙමින් ඒවා දියවීම වේගවත් වී ඇති බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.
පාවෙන අයිස් ග්ලැසියරයන් පෙර නොවූ විරූ අයුරින් තුනී වීම වේගවත් වන බව එම විද්‍යාඥයන් විසින් සිදුකළ නිරීක්ෂණයකදී හෙළි වී තිබේ.
යුරෝපීය රේඩාර් චන්ද්‍රිකාව යොදා ගනිමින් වසර 18ක කාලයක් ෆර්නැන්ඩෝ පාඕලෝ ප්රමුඛ විද්‍යාඥයන් සිදුකළ නිරීක්ෂණයට අනුව එම කාලයේ ප්‍රථම අර්ධයේදී වසරකට කියුබික් කිලෝ මීටර් 25ක අයිස් තට්ටුවක් දිවවීමට ලක්ව තිබේ.
එහි දෙවැනි අර්ධය වන විට වසරකට අයිස් කියුබික් කිලෝමීටර් 310ක් වසරකට දියවී යාම සිදුව ඇති බවත්, එය අතිශය අවදානම් සහගත තත්ත්වයක් බවත් එම විද්‍යාඥයෝ පවසති.