මොනරාගල ඇතිමලේ ප්‍රදේශයේ ගොවීන්ට අයත් ඉඩම් අක්කර 2500ක් පමණ පෞද්ගලික සමාගම්වලට ලබාදීමට රජය කටයුතු කර ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද (28දා) පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ ‘ගොවි අරගල ව්‍යාපාරය’ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේ ගොවීන්ට අයත් ඉඩම් නැවත ලබාදීමට මැදිහත් වීමක් කරන ලෙසයි.
ගොවීන්ට අයත් ඉඩම් අහිමි කරමින් සිදුවන බලහත්කාරී මැදිහත්වීම සඳහා ඇතිමලේ පොලීසියද දායක වෙමින් සිටින බවද ‘ගොවි අරගල’ ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු ජයන්ත රන්දෙනිය මහතා මෙහිදී ප්‍රකාශ කළේය.