මහියංගණය, අලුකැටියකාව ප්‍රදේශයේ තේක්ක වත්තක තිබී ඝාතනය කරන ලද බව කියනතරුණියකගේ මළසිරුරක් අද (02 දා) සොයාගත් බව මහියංගණය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේමහියංගණය, දඹගොල්ල පදිංචිව සිටි රම්‍යා විදර්ශනී නමැති 18 හැවිරිදි තරුණියක් බව පවුලේ ඥාතින් විසින් හඳුනාගෙන ඇත.
ඇය ඇඟලුම් කම්හලක සේවිකාවක වන අතර,ඊයේ (01දා)සේවයට ගොස් නැවත නිවසට නොපැමිණීම නිසා ඇගේ ඥාතීන් විසින් ඊයේ රාත්රියේපොලීසියට පැමිණිලි කර තිබිණි.
ඇගේ අඩ නිරුවත් මළසිරුර අසල තිබී සෙරෙප්පු ජෝඩුවක් හා ජංගම දුරකථන 02ක් සොයාගත් බවද පොලීසිය කියයි.