මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රයේ පුරප්පාඩු 15000 ක් පවතින බවත්, එම තත්ත්වය මගහරවා ගැනීමට කම්කරු ශ්‍රමය හිඟයක් නැති දුෂ්කර කලාපවල අලුතින් අයෝජන ප්‍රවර්ධන කලාප 06ක් පිහිටුවීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද ට පැවසීය.
ඒ අනුව අනුරාධපුර, මාතර, පුත්තලම, සූරියවැව, හම්බන්තොට ආදී ප්‍රදේශවල අලුතින් කලාප 12ක් පිහිටුවීමට කටයුතු කර තිබෙන බවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලුතින් කලාප 05ක් ඉදිකිරීමට තීරණය කර තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.