ආහාර එතීම සඳහා භාවිතා කරන සියලු ම ආහාර එතුම් දවටන මයික්‍රෝන 20 හෝ ඊට වැඩි ඝනකමින් යුක්ත විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. ඍජු හා වක්‍ර වශයෙන් පොලිතින් භාවිතයෙන් පරිසරයටත්, පාරිභෝගිකයාටත් වන හානිය අති විශාල බවත් සෞඛ්‍යමය වශයෙන් විය හැකි හානීන් ලෙස පිළිකා, ආබාධ සහිත උපත්, ප්‍රජනන පද්ධතියට සහ ශරීරයේ ප්‍රතිශක්තිකරණයට විය හැකි හානි ඇති විය හැකි බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පසුගිය දිනවලදී සිදු කළ වෙළෙඳපළ වැටලීම්වලදී තත්ත්වයෙන් බාල මයික්‍රෝන 20 ට වඩා ඝනකම අඩු සහ ව්‍යාජ නාමයන්, ලිපිනයන් සඳහන් කර නිකුත් කරන ලද ආහාර එතුම් දවටන විශාල තොගයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා නීතිමය ක්‍රියාමර්ග ගෙන ඇති බව අධිකාරිය සඳහන්කරයි.